by Kasun Indika
අද කියන්න හදන්නේ windows වල mysql backup එකක් කොහොමද ස්වයංක්‍රීයව සිදු කරන්නේ කියල. Linux වල කරන හැටි තව ටික දවසකින් දාන්නම්. මමත් මේ ක්‍රමය හොයාගන්න කලින් කලේ backup එකක් ගහලා ඒක zip කරලා (ඒ අදාල දිනේ නමින්) ෆෝල්ඩරයක් හදලා ඒකට දාන එක. ඒත් ඒක හැමදාම කරන එක කරදරයක් නිසා තමා මේ ගැන හොයන්න ගත්තේ. ඇත්තටම මේක කරන්න මම යොදාගන්නේ bat file එකක්.
mysql
backup එකක් අපිට phpmyadmin මගින් හෝ වෙනත් මෘදුකාංගයක් භාවිතා කරලා ගන්න පුළුවන්. උදාහරණයක් විදියට මම කලින් ලිපියක කියලා තිබුනා sqlyog මතක ඇතිනේ. තව මෘදුකාංග ගණනාවක් මේ සදහා සහය දක්වනවා. මම නම් සාමාන්‍යයෙන් mysql backup කරන්නේ mysql වලම එන mysqldump කියන command එකෙන්. Mysql ස්ථාපනය කරලා තියන ෆෝල්ඩරයේ තියනවා mysqldump.exe කියලා ෆයිල් එකක්. එක තියෙන්නේ bin කියන ෆෝල්ඩරයේ. ඒ කියන්නේ මෙන්න මේ path එකේ

by Kasun Indika
ආයුබෝවන්, දිගු නිහැඩියාවට පස්සේ අද සිට අළුත් දෙයක් කරන්නයි සූදානම. මම හිතුවා ලිනක්ස් ගැන පොඩි පංතියක් පටං ගන්න. ලිනක්ස් GUI එක ගැන ගොඩක් දෙනෙක් ලියන නිසා මම හිතුවා linux Server side එක ගැන ලියන්න.

ඒත් එක්කම කියන්න ඕන අපි පටන් ගත්තා අළුත් සයිට් එකක්
ezonelk කියලා. "අපි" කියලා අදහස් කලේ මම සහ මගේ යාළුවෙක් වෙන
ජීවනයි. ඉතින් අදින් පස්සේ මම මගේ සියළුම ලිපි ලියන්න හිතන් ඉන්නේ
ezonelk site එකේ. මොකද
ජීවන
දැනට
ezonelk site එකේ php class නමින් ලිපි පෙලක් ලියාගෙන යන නිසා මමත් හිතුවා linux ගැන ලිපි පෙලක් ලියාගෙන යන්න. තවම සින්ඩියට
ezonelk ඇතුලත් වෙලා නැති නිසා මම මගේ බ්ලොග් එකේ පොඩි සාරාංශයක් දාලා
ezonelk එකට read more ලින්ක් එකක් දාන්න හිතුවා. මොකද එතකොට සින්ඩියත් update වෙනවා
ezonelk එකත් update වෙනවා. එහෙනම් මම දැන් නවතිනවා. හැකිතාක් ඉක්මනට මම මේ ලිපි පෙල ලියන්නට උත්සහා ගන්නවා.
by කසුන්
අද නම් කියන්න යන්නේ සොෆ්ට්වෙයා එකක් ගැනනම් නෙමේ. පොඩි නිවේදනයක් දෙන්නයි යන්නේ. මේක ඉතින් ගොඩක් වැදගත් වෙන්නේ FOSS පරිශිලකයන්ට. ඒත් ඉතින් අනිත් අයට මේකේ තහනමක් නෑ.
ඔගොල්ලෝ කවුරුත් දන්නවා ඇතිනේ FOSS User Magazine එක ගැන. ඉතින් FUM එකෙන් තීරණය කරලා තියනවා නොමිලේ fossuser.com
E-mail
ලිපිනයක් ලබාදෙන්න. ඒ කියන්නේ yourname@fossuser.com වගේ ලිපිනයක්. ඔබට කරන්නේ තියෙන්නේ මේ සබැදිය හරහා ගොස් එහි තිබෙන ඇප්ලිකේෂන් එක පුරවන්න විතරයි. හැබැයි මේ අවස්ථාව දෙසැම්බර් 1 අවසාන වෙනවා ඒ නිසා අදම ඔබගේ E-mail
ලිපිනය ලබාගන්න. වැඩි විස්තර සදහා Foss user magazine blog එකට යන්න. පුළුවන් කට්ටිය මේ ගැන අනිත් අයවත් දැනුවත් කරන්න.
by කසුන්
මට හිතුනා මගේ බ්ලොග් ලිවිල්ල ගැන අතීතයට යන්න. ඇත්තටම මට බොලොග් එකක් ලියන්න හිතුනේ, මලින්තගේ සටහන දැකලා. ඒක හමුවුන හැටිත් මට මතකයි. ඒ දවස් වල මම පාවිච්චි කලේ lankabell
CDMA
දුරකථනයක්. තව SLT CDMA
දුරකථනයකුත් පාවිච්චි කලා (ඒ lankabell
එකේ බිල ගෙවලා නැති නිසා). දවසක් මම අන්තර්ජාලයේ සැරිසරද්දි මට හම්බුනා sinhala tamil kit software
එක. මට හරියට මතන නෑ මොන සයිට් එකෙන්ද ගත්තේ කියලා.
ඉතින් මේක ස්ථාපනය කලාට පස්සේ අළුත් tool bar
එකක් ආවා task bar
එකට. අහම්බෙන් වගේ එකෙන් Sinhala
කියන කී බොර්ඩ් එක සිලෙක්ට් කරගෙන type
කරලා බැළුවා. මෙන්න බොලේ desktop
එකේ folder
එක rename
කරන්න ගියාම ඒකේ සිංහලෙන් ටයිප් වෙනවා. මාර ආතල් වැඩේ. ඊට පස්සේ මම කලේ මගේ desktop
එකේ තිබ්බ icon
වල නම් සිංහලෙන් දාන එක. ඉතින් ඊට පස්සේ මට මීටර් උනේ web browser
එකේ සිංහලින් search
කලොත් මොනව වෙයිද කියලා. ඉතින් මම එකත් කලා. සිංහල ටයිප් කරන එක මට අමාරැ වුනේ නෑ මට. ඒ මොකද කීවොත් මම ඒ දවස් වල වෘත්කීයක් විදියට කලේ type settings.
ඉතින් කොහොමෙන් හරි මම search
කරනකොට මට හම්බුනා මලින්තගේ සටහන.
ඕක දැක්කට පස්සේ තමා මට හිතුනේ ඇයි මටත් බ්ලොග් එකක් ලියන්න කියලා. ඉතින් මලින්තගේ අඩවියෙන් තව ලින්ක් තිබ්බ නිසා ඒ හැම එකටම ගියා. මට මතක විදියට සුධාරකගේ අන්තර්ජාල සටහන, ආදරනීය, වෙබ් ආලෝචනා, රන්දුනු තමා මම දැනුවත්ව තිබුනු අඩවි. ඇත්තටම ඒ දවස් වල දැන් වගේ බ්ලොග් කියවනයක් තිබ්බද කියලාවත් මම දන්නේ නෑ. ඉතින් කොහොමෙන් කොහොමෙන් හරි මම 2007 නොවැම්බර් 16 වන දින මගේ ප්‍රථම බ්ලොග් සටහන් ලිව්වා. එතකොට මම කවුන්‍ටර් දාන හැටි එහෙම දන්නේ නෑ. මලින්තගෙන් අහලා තමා ඒ ගැජමැටික්සි දා ගත්තේ.
මා දන්නා ආකාරයට මේ වන විට සිංහල බ්ලොග් 800-900 පමන අන්තර්ජාලයේ තිබෙනවා. ඇත්තටම ගොඩක් සතුටුයි මෙම සිංහල බ්ලොග් වල දියුණුව දිහා බලනකොට. ඒත් මට තියන එකම දුක 2007 නොවැම්බර් 16 දින පටන් මේ දක්වා ලියන බ්ලොග් එකේ ඇත්තේ post 42 පමන. ඇත්තටම දැන් මට බ්ලොග් එක ලියන්නේ නැති එකම හේතුව කම්මැලිකම. එක දිගට වචන ගලපල ගොඩක් ලොකු post එකක් දාන්න හිතුවත් දාන්න දෙයක් නෑ. ඒකට හේතුව මට සිංහල අරහං වීම. පාසල් යන කාලයේ සිට මට එපාම කරපු විෂය වූයේ සිංහලය.
කෙසේවුවත් මට කියන්නට ඇත්තේ සිංහල බ්ලොග් කරණය හැකිතාක් දියුණු කරන ලෙසයි. ඒ සදහා මා හට කිරීමට හැකි සියළුම දේ කීරීමට මා බැදි සිටින්නෙමි